මනස විග්රහ කොට ජීවිතය විවරණය කිරීම අපරදිග දාර්ශනිකයින්ටත් ප්‍රථම සිදුකරන ලද්දේ පෙරදිග ආගමික ශාස්තෘන් විසින් සහ දාර්ශනිකයින් විසිනි. බුදුන් වහන්සේ සිය දහමේ වැඩි කොටසක්ම මනස විග්රහ කිරීමට වෙන් කල අතර සියල්ලටම වඩා මනස ප්‍රධාන වන බව ද ප්‍රකාශ කරන ලදී. එසේම බුදුන් වහන්සේ සමකාලීන ශට් ශාස්තෘන් මෙන් ම කොම්පියුසියස්, සොක්රටීස්, ප්ලේටෝ , හෙරික්ලීටස් වැන්නවුන් ද මනස පිලිබඳ විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරන ලදි. එහෙත් බටහිර විද්‍යාත්මක සිද්ධාන්ත අනුව යමින් මනස විශ්ලේෂණය කරමින් න්‍යායාත්මක චින්තනයක් ප්‍රකට කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතික සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. එනිසා නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් මෙන් ම මනෝ විශ්ලේෂණවාදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙස ඔහු ලොවම පිලිගනී. විශේෂයෙන් බටහිර රටවල මානසික ආබාධයන් සහිත පුද්ගයන්ට ප්‍රතිකාර කිරීමේදී නොයෙක් වධ බන්ධන වලට ලක්වීමට එකී පුද්ගලයන්ට සිදු වූ අතර එය වෙනස් කිරීමට මූලික මාවත සකස් කරන ලද්දේ මෙම සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. මොහු විසින් ලොවට හඳුන්වා දෙන ලද මනෝ විශ්ලේෂණවාදය පසුකාලීනව ඔහුගේ ගුරුකුලයෙන් පවා විවේචනය කරන ලද්දේ වුව ද, තවමත් ප්‍රවීන නවීන විිද්යාර්තීන්ගේ බුද්ධි ගවේශනයට මෙන් ම ප්රතිකාරක ක්‍රම ශිල්පයක් ලෙස භාවිතයට ගනී. සිග්මන් ප්‍රොයිඩ්ගේ න්‍යායාත්මක හා ප්රතිකාරමය සිද්ධාන්ත වලට අමතරව කාල් යුංග් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණවාදී මනෝ විද්‍යා න්‍යාය, ඇල්ප්‍රඩ් ඇඩ්ලර් විසින් ඉදිරිපත් කරන ලද සමාජීය මනෝ විශ්ලේෂණවාදය, සුවිශේෂි වැදගත්කමක් උසුලන අතර මෙලනී කෙලීන්, කැරන් හෝනි, හැරී සුලිවාන්, එරික් ප්‍රෝම්, ප්‍රොයිඩ්ගේ දියණිය වන ඇනා ප්‍රොයිඩ්, මෙන්ම නව මතවාද මනෝ විශ්ලේෂණවාදයට එක්කල එරික් එරික්සන් යන මනෝ විද්‍යාඥයින් මනෝ විශ්ලේෂණවාදය ප්‍රතිපෝෂණය කල විද්වතුන් අතර සුවිශේෂත්වයක් උසුලයි. සිග්මන් ප්‍රොයිඩ් විසින් සිය න්‍යායාත්මක අදහස් ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරන ලදී.
Psychoanalytic counseling theory |මනෝ විශ්ලේෂණවාදය (video)
More Stories
ජීවිතය වෙනස් කරන ගෙස්ටෝල්ට් මනෝ ප්‍රතිකාරය|Gestalt Therapy: A Life-Changing Psychological Approach
චර්යාවාදී උපදේශන ක්‍රමශිල්ප
person-centered theory humanistic psychology | මානුෂවාදී උපදේශනය(video)