පරාවර්තනය (Reflection) යනු උපදේශකවරයා (Counsellor) තම සේවාලාභියාට (Client) සක්‍රියව සවන් දෙන (Active listening) බව තහවුරු කරන සහ උපදේශකවරයා (සේවාලාභියාගේ ප්‍රකාශයන් නිවැරදිව අවබෝධ කර ගෙන ඇති බව සහතික කිරීමට උපදේශකවරයා විසින් උපදේශන කාර්යයෙදී භාවිතයට ගනු ලබන උපදේශන කුසලතාවයකි.
මනෝවිද්‍යාවේ සහ උපදේශනයේදී භාවිත වන පරාවර්තනය, විශේෂයෙන්ම සේවාලාභියාගේ අදහස් සහ හැඟීම් පිළිබිඹු කිරීමේ සහ නැවත ප්‍රකාශ කිරීමේ ශිල්පීය ක්‍රම, බොහෝ දුරට සම්බන්ධ වන්නේ ඇමරිකානු මනෝවිද්‍යාඥයෙකු වන කාල් රොජර්ස් (Carl Rogers) සමඟයි.
ඔහු විසින් හඳුන්වා දෙන ලද පුද්ගල කේන්ද්‍රීය චිකිත්සාව (Person-Centered Therapy) නම් ප්රවේශයේ හරය වන්නේ ක්‍රියාකාරී සවන් දීම (Active Listening) වන අතර, පරාවර්තනය යනු එම ක්‍රියාකාරී සවන් දීමේ වැදගත් අංගයකි. සේවාලාභියාට තේරුම් ගෙන ඇති බව දැනීමටත්, තමන්ගේ අත්දැකීම් සහ හැඟීම් ගැඹුරින් ගවේෂණය කිරීමටත් මෙය උපකාරී වේ.
සේවාලාභියා සමඟ සිදුකරන උපදේශන කාර්යයෙයහිදී සේවාලාභියා සහ උපදේශකයා, එකම අදහසක සිටින බව තහවුරු කරන ප්‍රතිපෝෂණ (Feedback) සැපයීමේ තාක්ෂණයකි. මෙම පරාවර්තනය පහත පරිදි ත්‍රිවිධාකාර වේ.
- සරල පරාවර්තනය (Simple Reflection)
- පරාවර්තනය (Paraphrasing)
- සංකීර්ණ පරාවර්තනය (Complex Reflection)
මෙහි සරල පරාවර්තනය යනු සේවාදායකයා විසින් උපදේශකවරයාට පැවසූ ප්‍රකාශයන් සංක්ෂිප්තව (Concisely) හා සරල ආකාරයකින් නැවත නැවත පැවසීමයි. පරාවර්තනය ලෙස හඳුන්වනු ලබන්නේ අවබෝධය විදහා දැක්වීමට සහ විස්තාරනය (Elaboration) කිරීමට සේවාදායකයා දිරිමත් කිරීම සඳහා සේවාදායකයා පැවසූ දේ තරමක් වෙනස් වචන වලින් නැවත නැවත උපදේශකවරයා විසින් සේවාලාභියාට ප්‍රකාශ කිරීමයි. සංකීර්ණ පරාවර්තනය (Complex Reflection) නම් සේවාලාභියාගේ පණිවිඩය සාරාංශගත කිරීම සහ සේවාලාභියා පැහැදිලිවම පවසා ඇති දෙයට ඔබ්බට යන තීක්ෂ්ණ බුද්ධිය (Insight) හෝ අර්ථකථන (Interpretations) එකතු කිරීමයි. සේවාදායකයා තම සිතුවිලි (Thoughts) හෝ හැඟීම් (Feelings/Emotions) ප්‍රකාශ කිරීමට අරගල කරන විට මෙම තාක්ෂණය විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.

සරල පරාවර්තනය යනු සේවාදායකයාගේ වචන වාචිකව හෝ සුළු වෙනස් කිරීම් සමඟ නැවත පැවසීමයි. මෙම ශිල්පීය ක්රමයේ අරමුණ වන්නේ උපදේශකවරයාට සේවාදායකයා පැවසූ දේ පිළිබඳ ඔවුන්ගේ අවබෝධය (Understanding) තහවුරු කිරීමට උපකාර කිරීම සහ ඔවුන්ගේ සිතුවිලි (Thoughts) සහ හැඟීම් (Feelings/Emotions) පුළුල් කිරීමට සේවාදායකයා (Client) දිරිමත් කිරීමයි.
මෙමගින් සේවාලාභියාට සවන්දීමට සහ ඔහුව තේරුම් ගැනීමට හැකි වන අතර, සේවාලාභියාගේ අත්දැකීම් සහ හැඟීම් පිළිබඳ උපදේශකවරයාගේ අවබෝධය පැහැදිලි කිරීමට සහ තහවුරු කිරීමට, උපදේශකවරයාට හැකිවෙයි. සරල පරාවර්තනයක් භාවිතා කිරීමෙන්, චිකිත්සකයාට සහකම්පනය (Empathy) පෙන්වීමට සහ සේවාලාභියාගේ අත්දැකීම් සහතික කිරීමට හැකි වන අතර, එය විශ්වාසදායක (Trustworthy) සහ ඵලදායී උපදේශන සම්බන්ධතාවයක් (Effective counselling relationship) ගොඩනඟා ගැනීමට බෙහෙවින් උපකාරී වේ.
සරල පරාවර්තනය සඳහා උදාහරණ
උදාහරණ 01
සේවාලාභියා :
“දැන් කාර්යාලයේ මං කරන්න ඕන වැඩ ප්‍රමාණය වැඩි නිසා මට ඇත්තටම මහ බරක් දැනෙනවා.”
උපදේශකවරයා:
“ඔබට රැකියාවේදී ඔබට වැඩ වැඩි නිසා විශාල පීඩනයක් (Pressure/Stress) දැනෙනවා.”
උදාහරණ 02
සේවාදායකයා:
“මම තවදුරටත් මේ පීඩනයක් එක්ක වැඩකරන්නෙ කෙසේදැයි නොදනිමි.”
උපදේශකවරයා:
“ඔබේ පීඩනය නිසා ඉදිරියට යා යුතු ආකාරය ගැන ඔබට සැකයක් දැනෙනව.”
සේවාදායකයා:
“මගේ ස්වාමි පුරුෂයා මට දැනෙන විදියට ආදරය කරන්නෙ නැහැ.”
උපදේශකවරයා:
“ඔබේ ස්වාමිපුරුෂයගෙ ආදරය දක්වනවද නැද්ද කියල ඔබට දැනෙන්නෙ නැහැ.”

පරාවර්තනය යනු විවිධ වචන හෝ වෙනත් වාක්‍ය ව්‍යුහයක් භාවිතයෙන් සේවාලාභියා පැවසූ දේ නැවත උපදේශකවරයා විසින් සේවාලාභියාට පැවසීම වේ.
මෙම ශිල්පීය ක්රමයේ අරමුණ වන්නේ සේවාලාභියාට ඔහුගේ අත්දැකීම් සහ හැඟීම් නව ආකාරයකින් ඉදිරිපත් කිරීමට, උපදේශකවරයා විසින් ක්‍රියාකාරීව සවන් දීමෙන් (Active Listening) සේවාලාභියා ගැන අවබෝධයක් ඔහුට ලබා ගැනීමට උපකාර කිරීමයි.
පරාවර්තනය සඳහා උදාහරණ
උදාහරණ 01
සේවාලාභියා :
“මට මෑතක සිට දැඩි ආතතියක් (Stress) සහ කනස්සල්ලක් (Anxiety) දැනෙනව. සන්සුන් වන්නේ කෙසේදැයි මට තේරෙන්නෙ නැහැ.”
උපදේශකවරයා :
“ඔබ බොහෝ ආතතිය හා කාංසාව නිසා පීඩාවට පත්වෙලා, ඒත් මෙම තත්වයන් කළමනාකරණය කරන්නේ කෙසේදැයි පැහැදිලි නැහැ.”
උදාහරණ 02
සේවාලාභියා :
“මට නින්ද යන්නෙ නැහැ. හැමදාම රෑට එක එක දේවල් හිතට එනව.”
උපදේශකවරයා :
“ඔබට නින්ද නොයාම සහ නිදා ගැනීමට අපහසු, හිතට එන පාලනයකින් තොර සිතුවිලි සමඟ පොරබදමින් සිටිනව.”

උපදේශකවරයා තම සේවාලාභියාගේ (ප්‍රකාශයන් නැවත ප්‍රකාශ කිරීමෙන් ඔබ්බට ගොස් ඔහුගේ සැඟවුනු හා සෘජුව ප්‍රකාශ නොකරන එහෙත් මුහුණු හැඟීම් වලින්, චර්යාවන්ගෙන් ප්‍රකාශිත දේ උපදේශකවරයා විසින් ග්රහනය කොට තම සේවාලාභියාට පැවසීමයි. මෙමගින් උපදේශකවරයාට තම සේවාලාභියාගේ අත්දැකීම් සහ හැඟීම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාර වන අතර, උපදේශන ක්‍රියාවලිය දිගට පවත්වාගෙන යෑමට හැකියාව ලැබේ.
සංකීර්ණ පරාවර්තනය සඳහා උදාහරණ
උදාහරණ 01
සේවාලාභියා:
“මම හොඳ අම්ම කෙනෙක් නෙවෙයි. මගේ දරුවො තුන් දෙනාම නොමග ගිහිල්ල. මං ඉන්නෙ හරිම කනස්සල්ලෙන් .” (සේවාලාභිනිය එසේ පවසන අතර කුඩා කැඩපතක් තම අත් බෑගයෙන් ගෙන මුහුණ බලා ලේන්සුවෙන් මුහුන පිසදාගනී. විටින් විට තම ඇඳුමේ අපිලිවෙලට ඇති තැන් සකසා ගනී.)
උපදේශකවරයා:
“ඔබ ඔබේ සමහර ක්‍රියාකාරකම් නිසා ඇතිවුනු ආතතිය හා කාංසාවෙන් (anxiety) පීඩාවට පත්වෙලා, ඒත් ඔබේ සමහර නොගැලපෙන හැසිරීම් (maladaptive behaviors) වෙනස් කර ගැනීමට හෝ පාලනය කර ගැනීමට ඔබ සූදානම් නැහැ. ඔබට තේරෙන්නෙ නැහැ ඔබ නොවවද කරන්න ඕන කියල.”
උදාහරණ 02
සේවාදායකයා:
“මාත් එක්ක යාලුවෙලා හිටපු කෙනා මාව දාලා ගියාට මට ගොඩක් තරහයි . මට දැන් පිරිමි සංහතියම එපා වෙලා තියෙන්නෙ.” (ඇය වේගයෙන් හුස්ම ගනී. කතා කරන විට වෙව්ලයි.)
උපදේශකවරයා:
“ඔබේ ආදරවන්තය ඔබ අත්හැර යෑම ගැන ඔබට තියෙන්නෙ කලකිරීමට වඩා ලොකු තරහක්. ඔබට ඔබ ගැනත් දැනෙන්නෙ ලොකු තරහක් . ඔබට එය පාලනය කරගන්න අමාරුයි.”
පරාවර්තනය සහ සහකම්පන අතර වෙනස | The Difference Between Paraphrasing and Empathy
බැලු බැල්මට පරාවර්තනය සහ සංවේදනය (Empathy) යනු දෙකක් නොව එකක් ලෙස ඔබට පෙනී යනු ඇත. එහෙත් එය පැහැදිලිවන උපදේශනයේදී භාවිතයට ගන්නා කුසලතා දෙකකි. ඊට වෙන් වෙන් වශයෙන් අර්ථ (meanings) ඇත. එසේම ඒවා උපදේශනයේදී එකිනෙකට වෙනස් වූ කාර්යයන් ඉටු කරනු ලබයි.
පරාවර්තනය යනු සේවාලාභියාගේ අත්දැකීම් සහ චිත්තවේගයන් පිළිබඳ ඔවුන්ගේ අවබෝධය පැහැදිලි කිරීම සහ තහවුරු කිරීම සඳහා උපදේශකවරයා විසින් සේවාලාභියා පැවසූ දේ නැවත ප්‍රකාශ කරන හෝ පරාවර්තනය කරන තාක්ෂණයකි. මෙම තාක්ෂණය උපදේශකවරයා සහ සේවාලාභියා අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ උපදේශකවරයා ශ්‍රවනය කල දෙය තේරුම් ගත් බව (that what was heard was understood) සේවාලාභියාට එත්තුගැන්වීම අරමුණු කොට ඇත.
එහෙත් සහකම්පනය යනු සේවාදායකයාගේ හැඟීම් සහ අත්දැකීම් අවබෝධ කර ගැනීමට සහ බෙදා ගැනීමට චිකිත්සකයාට ඇති හැකියාවයි (ability). මෙයට සේවාදායකයාගේ සපත්තුවට බැස ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බැලීම (stepping into the client’s shoes and seeing from their perspective) වේ. සහකම්පනය උපදේශකවරයාට තම සේවාලාභියා සමඟ ගැඹුරු මට්ටමකින් සම්බන්ධ වීමට (to connect on a deeper level) උපකාරී වන අතර විශ්වාසය (trust) සහ මිත්‍රත්වය ගොඩනැගීමට (to build rapport) උපකාරී වේ.
පරාවර්ථනය
සහකම්පනය
“මේ මොහොතේ මගේ ජීවිතයේ සිදුවෙමින් පවතින සෑම දෙයකින්ම මට මහත් වෙහෙසක් දැනෙනව.”
“මේ මොහොතේ ඔබට විශාල පීඩනයක් සහ ආතතියක් දැනෙන බව පේනව.”
“ඔබ දැන් ඉතා දුෂ්කර කාලයක් පසුකරමින් සිටින බව පේනව. එකවර ආතතියට බලපාන සාධක කිහිපයක් සමඟ සාර්ථකව කටයුතු කිරීම, ඇත්තෙන්ම ඔබට දුෂ්කර විය හැකියි.”
“මගේ රැකියාවේ පීඩනය මට තවදුරටත් දරාගන්න පුළුවන් ද කියල මට තේරෙන්නෙ නැහැ”
“ඔබ සැබවින්ම අධික ලෙස වෙහෙසට පත්ව සිටින මට තේරෙනව. ඒ වගේම ඔබ කරන්න ඕන මොනවද කියල තාම ඔබට වැටහෙන්නෙ නැහැ. “
“ඔබ ඔබේ රැකියාව නිසා වෙහෙසට පත්ව සිටින බවක් සහ ඔබේ රැකියාව නිසා කලකිරීමෙන් සිටින බවක් දැනෙනවා. ඔබ දැඩි ආතතියකින් සිටින විට රැකියාව සහ ඔබේ සාමාන්‍ය කටයුතු සමතුලිතතාවයෙන් පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගාත්මක වෙලා තියෙනව.”
පරාවර්තනය යනු සේවාලාභියාගේ අත්දැකීම් සහ චිත්තවේගයන් පිළිබඳ ඔවුන්ගේ අවබෝධය පැහැදිලි කිරීම සහ තහවුරු කිරීම සඳහා උපදේශකවරයා විසින් සේවාලාභියා පැවසූ දේ නැවත ප්‍රකාශ කරන හෝ පරාවර්තනය කරන තාක්ෂණයකි. මෙම තාක්ෂණය උපදේශකවරයා සහ සේවාලාභියා අතර සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ උපදේශකවරයා ශ්‍රවනය කල දෙය තේරුම් ගත් බව සේවාලාභියාට එත්තුගැන්වීම අරමුණු කොට ඇත.
එහෙත් සහකම්පනය යනු සේවාදායකයාගේ හැඟීම් සහ අත්දැකීම් අවබෝධ කර ගැනීමට සහ බෙදා ගැනීමට චිකිත්සකයාට ඇති හැකියාවයි. මෙයට සේවාදායකයාගේ සපත්තුවට බැස ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් බැලීම වේ. සහකම්පනය උපදේශකවරයාට තම සේවාලාභියා සමඟ ගැඹුරු මට්ටමකින් සම්බන්ධ වීමට උපකාරී වන අතර විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනැගීමට උපකාරී වේ.
ඵලදායී පරාවර්තනය සඳහා තාක්ෂණික ක්‍රම
පරාවර්තනය තුළින් පුද්ගලයන්ට ඔවුන්ගේ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන්ගෙන් ඉගෙන ගත හැකි අතර, පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට එමගින් මග පෑදෙයි. එවැනි පරාවර්තනයන් ලිඛිත හෝ වාචික පරාවර්තන, කණ්ඩායම් සාකච්ඡා හෝ සම්මුඛ සාකච්ඡා පරාවර්තනය ලෙස වර්ග කල හැකිවේ. එවැනි පරාවර්තනයන් ඵලදායී ලෙස සිදුකිරීමට, උපදේශකවරයා තුළ ඵලදායී නිපුණතා සහ ගුණාංග තිබියයුතු වේ.
එසේ භාවිතා කලහැකි තාක්ෂණික ක්‍රම අතර වැදගත් හා සුවිශේෂී තාක්ෂණයක් වන්නේ සේවාලාභියා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයක හෝ අත්දැකීමක ඇති ධනාත්මක කරුණු උපදේශකවරයා විසින් හඳුනාගෙන ඒ කෙරෙහි අවධානය යොමු කිරීමයි. බොහෝ විට, පුද්ගලයන් තම වැරදි හෝ ඍණාත්මක අත්දැකීම් මත රැඳී සිටීමට නැඹුරු වන අතර, එමගින් ස්වයං සැකය සහ අඩු ආත්ම අභිමානය ඇති කරගනී. උපදේශන කාර්යයෙදී නොවූවත් ඕනෑම පුද්ගලයෙකු තමාගේ ධනාත්මක කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, තමන්ට,තමාගේ හැකියාවන් කෙරෙහි විශ්වාසයක් ඇතිකරගත හැකි අතර, අනාගතයේ දී වැඩිදියුණු කළ කාර්ය සාධනයක් කරා ගමන්කලහැකිවෙයි. සැබවින්ම ධනාත්මක පරාවර්තනය යනු හොඳින් සිදු වූ දේ හඳුනා ගැනීම සහ භාවිතා කළ කුසලතා හා අත්දැකීම්, පුද්ගලික වර්ධනයට දායක වී ඇති ආකාරය හඳුනා ගැනීමයි. මෙහිදී උපදේශකවරයා තම සේවාලාභියාගේ ධනතාමක ප්‍රකාශයන් හා අත්දැකීම් මතුකොට දැක්වීමට මුල්විය යුතුය.
මීට අමතරව සක්‍රීයව සවන්දීම, සහකම්පනය, සන්නිවේදන කුසලතා, පූර්ව විනිශ්චයන් නොකිරීමේ ආකල්පය, සංස්කෘතික නිපුණතාවය සහ සාක්ෂරභාවය, ඉවසීම,චිත්තවේගීය ස්ථාවරත්වය,ආචාර ධර්ම සහ වෘත්තීයභාවය ආරක්ෂා කිරීම ආදී ගුණාංගවලින් උපදේශකවරයා සමන්විත වීමද වැදගත් වේ.
උපදේශනය තුළ පරාවර්තනයේ වැදගත්කම අවබෝධ කර ගැනීම
උපදේශනයේදී පරාවර්තනය වැදගත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, සේවාලාභියාගේ අවශ්‍යතා සහ උත්සුකයන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් වර්ධනය කර ගැනීමට උපදේශකවරයාට උපකාර කළ හැකි වීමයි. උපදේශකවරයා තම සේවාලාභියා සමඟ ඔවුන්ගේ අන්තර්ක්‍රියා ගැන මෙනෙහි කිරීමට කාලය ගත කරන විට, උපදේශකවරයාට, සේවාලාභියාගේ සිතුවිලි සහ හැඟීම් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. සේවාලාභියාගේ අවශ්‍යතා හොඳින් අවබෝධ කර ගැනීමටත්, වඩාත් ඵලදායී ප්‍රතිකාර සැලැස්මක් සකස් කිරීමටත් මෙමගින් උපදේශකවරයාට හැකියාව ලැබේ.
උපදේශනයේදී පරාවර්තනය වැදගත් වීමට තවත් හේතුවක් නම්, සේවාදායකයාට තමන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාර කළ හැකි වීමයි. සේවාලාභියෙකු තම අත්දැකීම් සහ හැඟීම් පිළිබිඹු කරන විට, ඔවුන්ගේම සිතුවිලි සහ හැසිරීම් පිළිබඳ අවබෝධයක් ඔහුනට ලබා ගත හැක. මෙය ඔවුන්ගේ ගැටළු වලට දායක විය හැකි හැසිරීම් රටා හඳුනා ගැනීමට සහ වෙනස් කිරීම සඳහා උපාය මාර්ග සකස් කිරීමට උපකාරී වේ. උපදේශන ක්‍රියාවලියේ වැදගත් පියවරක් විය හැකි ස්වයං දැනුවත්භාවය පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීමට ද පරාවර්තනය සේවාලාභියාට උපකාරී වේ.
උපදේශන සැසිවලදී පරාවර්තක සවන්දීමේ ශිල්පීය ක්‍රම භාවිතයට ගැනීම.
පරාවර්තක සවන්දීමේ ඵලදායී භාවිතය සඳහා පුර්ව විනිශ්චයකින් හෝ බාධාවකින් තොරව සේවාදායකයාට ක්‍රියාකාරීව සවන් දීමට උපදේශකවරයෙකුට සිදුවේ. සේවාදායකයාගේ වාචික සහ වාචික නොවන ඉඟි කෙරෙහි අවධානය යොමු කරමින් උපදේශකයා මේ මොහොතේ සම්පූර්ණයෙන්ම තම අවධානය සේවාලාභියා වෙත දැක්විය යුතුය. සේවාලාභියා අදහස් ප්‍රකාශ කිරීමෙන් පසු, උපදේශකවරයා, තම සේවාලාභියාගේ හැඟීම්, අවාචික ප්‍රකාශයන් සහ උත්සුකයන් කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේම වචනවලින් උපදේශකවරයා ඇසූ දේ නැවත ආවර්ජනය කරනු ලබයි. මෙමගින් සේවාලාභියාට තම ප්‍රකාශයේ හෝ අත්දැකීමේ වලංගු බවක් දැනීමට උපකාරී වන අතර, එමඟින් ඔහුගේ හැඟීම් සහ අත්දැකීම් විවෘත කිරීමට සහ ගවේෂණය කිරීමට වඩාත් සුවපහසු පරිසිරයක් නිර්මාණය වේ.
පට්ටියවෙල මහින්ද හිමි | Ven Pattiyawela Mahinda Thero

More Stories
නින්ද අවුල් ද
අපරාධ නිවාරණය සහ මනෝභාව කළමනාකරණය පිළිබඳ විතක්ක සණ්ඨාන සූත්‍ර විමර්ශනය
ප්රගතිශීලී මස්පිඩු ලිහිල් කිරීම| Progressive muscle relaxation